Sri Lanka
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

ජනතාව සතු සම්පත් පෞද්ගලීකරණය

Go down

ජනතාව සතු සම්පත් පෞද්ගලීකරණය Empty ජනතාව සතු සම්පත් පෞද්ගලීකරණය

Post by Hettihewa Thu Jul 28, 2016 1:08 pm

යහපාලන රජය, විවිධ බොරු දත්ත දිනපතාම ඉදිරිපත් කරමින්ද, ඕනෑකමින්ම රාජ්ය ආයතන පිරිහීමට ලක් කරමින්ද, විවිධ මහා පරිමාණයේ රාජ්ය ආයතන තම මිතුරන්ට පැවරීමේ උත්සාහයක යෙදෙන බව පැහැදිළිය.

දැනටමත්, ශ්‍රී ලංකා එයාර්ලයින්ස්, මිහින් ලංකා, ලංකා හොස්පිට්ල්ස්, හිල්ටන් හෝටලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඛණිජ තෙල් සංස්ථාව, මත්තල ගුවන් තොටුපොළ, නොරොචිචෝලේ ගල් අගුරු බලාගාරය, හම්බන්තොට වරාය ඇතුලු ආයතන රාශියක්ම, 2015 වසරේදී දේශීය හෝ විදේශීය අංශයන්ට පැවරීමට රජය කටයුතු කරන බව පෙනේ.

යහපාලන රජය, මෙසේ කරන්නට මූලික වූ එක් හේතුවක් නම්, ඔවුන්ට තමන්ගේම වැරැදි, ආර්ථික කළමණාකාරිත්වය නිසා, IMF ආයතනයේ සහය ලබා ගැනීමට සිදුවීමය. එළෙස, IMF සහය ලබා ගැනීමට නම්, රජයට අයිති ආයතන රාශියක්ම විකුණන්නට, සිරිසේන/වික්රමසිංහ යහපාලන රජය දැනටත් එකග වී ඇතැයිද, ආරංචි මාර්ග පවසයි.

ඒ හරහා, මෙම ආයතන වල සේවය කරන විශාල පිරිසකගේ රැකියාවන් ඉදිරි මාස කීපය තුළදී අහිමි වනු ඇත. තවද, අප රටේ වැදගත්ම සහ උපායමාර්ගික සම්පත් වන වරායන්, ඛණිජ තෙල් සැපයීම, විදුලිය සැපයීම, ගුවන් තොටුපල කටයුතු සහ ගුවන් සේවයන්, වෙනත් අයගේ පාලනය යටතට පැවරෙනු ඇත. මෙම තත්ත්වය තුළින් අප රටේ ස්වෛරීභාවයට සහ ඉදිරි ආර්ථික ගමනට දැවැන්ත අවදානමක් උදාවනු ඇත.  

පසුගිය මැතිවරණ දෙකේදීම, කිසිදු අවස්ථාවක, රජයේ දේපළ විකුණන බවට හෝ ඒවා වෙනත් අයගේ පාලනය යටතට පවරන බවට හෝ සිරිසේන/ වික්රමසිංහ  රජය ජනතාවට පවසා නැත. එසේ නම්, වර්තමානයේදී දියත් කොට ඇති මෙම සම්පත් විකිණීම හෝ පැවරීම, අප ජනතාව විසින් කිසිවිටෙක අනුමත කොට ඇති එකක් නොවේ.

එහෙයින්, අප රටේ සම්පත්, කිසිදු ආකාරයකට වෙනත් අයෙකුට පැවරුවහොත්,  අනාගත රජයක් හරහා එම සම්පත් කිසිදු වන්දියක් නොගෙවා, නැවත ජනතා අයිතියට පවරා ගැනීමට ක්‍රියා කරන බවට, අප රටේ වැඩකරන ජනතාව වෙනුවෙන්, අප මතක් කොට සිටිමු.    

තවද, මෙලෙස අප රටේ ජනතාව සතු සම්පත් ඩැහැ ගැනීමට හෝ කුණුකොල්ලයට ලබා ගැනීමට බලාපොරොත්තු වන සියලුම අයට අප තව දුරටත් කියා සිටින්නේ, අප ජනතා සතු සම්පත් වලට අත නොතබන ලෙසයි. මෙම අවවාදය නොතකා, ඔවුන් එසේ කළහොත්, ඉදිරියේදී ඔවුන්ට විදින්නට සිදුවන පාඩුව ඔවුන්ගේම අභිලාශයෙන් විදගන්නා අලාභයක්ද වනු ඇත.

Hettihewa

Posts : 1
Join date : 2016-07-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum